ගර්භනී සමයේදී මෙම ආලේපනයන් භාවිත කිරිම මඟින් කුස තුළ සිටින දරුවාගේ මොලයේ වර්ධනය, මතක ශක්තිය හීන වීමට, ඇවිදීමේ අපහසුතාවන්, වැනි ක්‍රියාකාරකම් බොහෝමයකට බලපෑම් ඇතිකල හැකි බව හෙතෙම පෙන්වාදේ.
ආලේපනයන් තුළ රසදිය විශාල වශයෙන් අඩංගු වීම හේතුවෙන් සම සුදු වෙන බැවින් රසදිය සිරුරට ඉතාමත් අහිතකර රසායනික ද්‍රව්‍යයක් යැයි විශේෂඥවරයා පෙන්වාදේ.
ගර්භනී කාලය තුළ රුධිර ගමනා ගමනය ඉතා වේගයෙන් සිදුවෙන බැවින් ආලේපනයන්වල පවතින රසදිය ඇතුළු බැරලෝහයන් සමට උරා ගැනීම වේගයෙන් සිදුවෙන බව ද විශේෂඥවරයා පවසනවා.
සම සුදුවීමට සඳහා බාවිත කරන ආලේපනයන් තුල රසදිය විශාල වශයෙන් අන්තර්ගතව පවතින බැවින් එම ආලේපනයන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සඳහා යොමු නොකරන බවද වෛද්‍ය අලගියවන්න මහතා අවධාරණය කරනවා.